Monday, November 7, 2011

ඇ‍ගෙ වත මට නොපෙනේ නම් පුන් සඳ ඇයි හිනහෙන්නේ



ඇ‍ගෙ වත මට නොපෙනේ නම්
පුන් සඳ ඇයි හිනහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ.

වනයේ පිපි මල් ගොමුවේ
සමනළයනි ඇයි හැඩුවේ
නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනහෙන්නේ

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳු ලැලි නැති විටදී
ඕනේ නෑ දියමන්තී

පායා ඇයි හිනහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනහෙන්නේ

No comments:

Post a Comment