Wednesday, December 23, 2009

අම්රිතා දේවි නම් රූ ශ්‍රීයා.... ( Amritha Devi Ru Shriya )




මේ සිංදුව නැගලා යන තාලේ එකක් මට මේක අහන්න ලැබුනේ අහම්බෙන් වගේ... ඇහුවට පස්සේ තමා මතක් වුනේ පරණ අහපු සිංදුවක් කියලා... හොයා ගෙන යද්දි තමා කියන්නේ කවුද විස්තරේ හම්බුනේ.

මෙය මේරියන්ස් සංගිත කණ්ඩායමේ ගීතයක්, අලංකාරවත් වදන් පෙලක් සමග අපුරැ වදන් පෙලක් මෙහි අනතර්ගත වේ. ලතින් සහ ‍බටහිර සංගිත අභාසයෙන් ප්‍රකාශනය වන අම්රිතා කෙනෙක් ගැන ලියැවෙන අපුර්ව ගීතයකි...


මෙතනින් අරන් අහලා බලන්න

Sunday, December 20, 2009

ආවාට තිබුණත් නිසසල සඳ මට එය යරි පියන්කරයි ( Awata thibunath nisasala sanda mata )




සඳ ගැන ලියැවුනු ගීත රාශියක් පවති... මෙම ගීතයත් ඒ අහිංසක සඳ සබැදි එකක්, ලංකාවේ ජනප්‍රිය වූ ගීතයකි. ආදරය අහිමි පෙම්වතෙකුට සිදුවන අත්දැකිම්, පාර්ථනාවන් සඳ න් ආරම්භ වි හිරුගෙන් අවසාන වන වදන් පෙල ගයානා කරන්නේ නිමල් ගුණසේකරයන් විසිනි.

මෙතනින් අර ගන්න

කැමිලියා මල් සුවදට




කැමිලියා මල ඔබ දැක තිබේ ද? :) නැත්නම් සින්ඩරේල්ලා ව දැක තිබේ ද නමුත් ඒ නම් දෙක සබැදි ගිතයක් ඇත. කිත්සිරි ජයසේකරයන් විසින් ගායනය කරනු ලබන හැගුම්බර ගීතයකි. ලස්සන තනුවකට ගලා යන ආදරණිය වදන් පෙල අහලා නැත්නම් මෙන්න ගීතය

මෙතනින් ගන්න

Saturday, December 19, 2009

ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න...




කාලයකට ඉහතකදී ලියැවුනු ආදරබර ගීතයක්, ආදරණීය අදරවන්තයෙක් පාර්ථනා පොදිබැදගෙන අාදරවන්තිය පැමිණෙතැයි පෙරුම් පුරමින් බලා සිටින මොහෙතක්.... අලංකාරවත් වදන් පෙලක් ගායනය මොරිස් විජේසිංහයන් විසිනි.


මෙතනින් අරගන්න

Friday, December 11, 2009

ඔබ සැමට සුභ නත්තලක් සහ නැවුම් වසරක් වේවා!

Photobucket

ඔබ සැමට සුභ නත්තලක් සහ නැවුම් වසරක් වේවා! සියලු පැතුම් ඉටු වේවා! මෙම කාඩ් එක Photoshop උපයෝගි කර ගෙන නිර්මාණය කරන ලද්දක් ඔයාලටත් යවන්න මේ කාඩ් එක ඕනේ නම් මෙන්න

Friday, December 4, 2009

පාරමි දම් පුරමු අප දෙදෙනා...



ආදරයට ආදරය කරපු දෙදෙනෙකුගේ ආරණීය පාරමිතාවක්... ඉතා සුන්දර වදන් පෙලක් ආදරය හොදින් බෙදා ගත් අයට මේ ගීතය වැදගත් වැදගත් වේවි... ලස්සන සිංදුවක්, අහිංසක පාරමිතාවක් ගායනා කරන්නේ නීලා වික්‍රමසිංහ. එන ආත්මේ මගේ ම සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පතන අයට මෙන්න....


මෙතනින් ගන්න