ප්රදිප් ගේ කලස
හද ගැස්ම, යාථාර්තය, සිහින...
Sunday, September 16, 2012
රිදි පාට කල පා තුඩු
සිවිල් රණවිරුවකු මගින් පිරි ගිය බසයට ගොඩ විය. මදකින් කාන්තාවක කටහඩ බසය දෙවනත් කලේය. "මගේ කකුල පා ගන්නේ තමුසේට..." අසරණ වු රණවිරුව ට කදුලු උනන්නට විය. ඔහු කටහඩ අවදි කලේ නංගි සිය දහස් වාරයක් සමාවෙන්න මං හමුදාවේ කෙනෙක් මගේ කකුලක් නැහැ මේක බොරු කකුලක්, එක වදිනවා කියලා මට තෙරෙන්නේ නැහැ... නංගි සැනෙකින් බසයෙන් ඉගිලෙන්නට විය. පනාගොඩින් රණවිරුවා බැස ගියේය.
රිදි පාට කල පා තුඩු පයට පැගිලා... විචිත්‍ර වත් ගිතයේ නිදාන කතාවයි ඒ... යාලුවෙක් ගෙන් ආසා දැන ගත්තෙමි, කතාව වැරදි නම් සමා වෙන්න.
රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා
විදින වෙදනා මදිවට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි
මෙන්න සිංදුව
Saturday, November 19, 2011
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ මේ තරම් ආදරේ

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු...
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ...
රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්...
තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්...
Sunday, November 13, 2011
සොඳුරිය මට නොකියාම ගියා

එදා මෙදා තුර කඳුළට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දෑස් කවුලු පත් පලා කදුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒසුවඳින්
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
Thursday, November 10, 2011
හිදිවි කොතැනක හෝ
Subscribe to:
Posts (Atom)