
සදක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අදුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
කටු අගට ලස්සන නොදී
පරෙවි තුඩකින් විලද දුන්නට
ගිරවියක වලදන්නේ නැහැ
කදුලු බිදුවක රැදෙන ගින්දර
හිනාවක් අදුරන්නේ නැහැ
පොළව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
No comments:
Post a Comment