Sunday, October 30, 2011

තනිකඩය තවම මම



පිවිතුරුය පලමු පෙම බිහිසුනුය බිදුනු දින
ලෙන්ගතුය සුවද ඔබ සුදු හාමිනේ, තනිකඩය තවම මම

Thursday, October 27, 2011

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ



මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස පියා ඉගිලී

අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ..

Saturday, October 22, 2011

ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි



ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගගුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්න මල් මාවතේ
දිවා රැයේ මා ලගයි මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගී සිටී සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ලගයි මගේ අරුම පෙම් අංගනා

Friday, October 21, 2011

කොළොම්තොට නැත මහලු වී



කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා!

Thursday, October 20, 2011

මලක් වුනේ ඇයි නුඹ මට



මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

Wednesday, October 19, 2011

සෞම්‍යවන්තියේ සිත සනසනා



සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා

ප්‍රේමයද ගංගාවකි - සෞම්‍ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී - සාගරය හා වෙළී යතී

පාළුවද සඳ එළියකී - රම්‍ය ජීවිත්යේ එතී
ළඟ නැති වුනත් සිත ළඟ ඇතී - ආදරේ භාවනාවකී

Sunday, October 16, 2011

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම





දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

Friday, October 14, 2011

සදක් නම් බැස යන්න තිබුණා




සදක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අදුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
කටු අගට ලස්සන නොදී

පරෙවි තුඩකින් විලද දුන්නට
ගිරවියක වලදන්නේ නැහැ
කදුලු බිදුවක රැදෙන ගින්දර
හිනාවක් අදුරන්නේ නැහැ

පොළව උසුලන සියලු දුක සැප
අහස් තල‍යෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

ඔබ මා හමු වේ නම්



සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමු වූ මාවත වෙන් වී - මහ පවුරක් සේ නැගී ඇවිත්
මුවේ පිපේ නම් එකම සිනාවක් යළිත් දකින්නට
ඔබ මා හමු වේ නම්

Thursday, October 13, 2011

ප්‍රේමය ලොව හැම තැනම ඇති...



හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රෙමය කිමෙයි කියා. හඳුනාගත් කිසි කෙනෙකු නැති...

Wednesday, October 12, 2011

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්





අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්.. සැබෑම සිහිනයක් :(

Sunday, October 9, 2011

මන්දාරම් අදුර මැදින්...






මන්දාරම්.. අදුර මැදින්.. හිරිපොද වැහි වැටෙන වෙලේ.. මා හා ඇවිදන් යන්නට.. ඔබ සිටියානම්.. ඔබ සිටියානම්. ... !!!