Sunday, September 16, 2012

රිදි පාට කල පා තුඩු


සිවිල් රණවිරුවකු මගින් පිරි ගිය බසයට ගොඩ විය. මදකින් කාන්තාවක කටහඩ බසය දෙවනත් කලේය. "මගේ කකුල පා ගන්නේ තමුසේට..." අසරණ වු රණවිරුව ට කදුලු උනන්නට විය. ඔහු කටහඩ අවදි කලේ නංගි සිය දහස් වාරයක් සමාවෙන්න මං හමුදාවේ කෙනෙක් මගේ කකුලක් නැහැ මේක බොරු කකුලක්, එක වදිනවා කියලා මට තෙරෙන්නේ නැහැ... නංගි සැනෙකින් බසයෙන් ඉගිලෙන්නට විය. පනාගොඩින් රණවිරුවා බැස ගියේය.

රිදි පාට කල පා තුඩු පයට පැගිලා... විචිත්‍ර වත් ගිතයේ නිදාන කතාවයි ඒ... යාලුවෙක් ගෙන් ආසා දැන ගත්තෙමි, කතාව වැරදි නම් සමා වෙන්න.


රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා

විදින වෙදනා මදිවට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

 මෙන්න සිංදුව